Tuesday, December 31, 2019
පුරාධ්වනිවිද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලාංකේය ප්‍රවේශය කුමක් විය යුතු ද?
පුරාධ්වනිවිද්‍යාව ශ්‍රී ලාංකේය අධ්‍යයන ක්ෂේත්‍රයට ආමුඛ වන නව්‍ය විෂයයක් වූවද ඒ සඳහා අවශ්‍ය ශාස්ත්‍රීය පසුබිම අද්‍යතනයේ ගොඩනැගෙමින් පැවතීම යහපත් තත්ත්වයකි.පුරාධ්වනිවිද්‍යාව (Archaeoacoustics ) පුරා විද්‍යාව විෂය ක්ෂේත්‍රය තුළ ක්‍රමෝපායයික ප්‍රවේශයක් ලෙස ධ්වනිය පිළිබඳ සිදු කරන අධ්‍යයනයක් ලෙස හඳුන්වා දිය හැකි ය. පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන සහ පුරාවස්තු ආශ්‍රයේ ධ්වනික ලක්ෂණ පිළිබඳ ධ්වනි විද්‍යාත්මක න්‍යායයන් සහ සෛද්ධාන්තික කරුණු ඇසුරෙහි නව දැනුම සම්පාදනය සහ ධ්වනියේ හැසිරීම පිළිබඳ නව්‍ය තොරතුරු අනාවරණය මෙම විෂයයේ තවත් පැතිකඩකි. එහිදී පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා කමක් ඇති අවකාශයන් පිළිබඳ නව්‍ය දෘෂ්ටියක් පුරාවිද්‍යාත්මක ආලෝලනයකින් යුතුව සමාජගත කිරීමේ හැකියාව ලැබේ. මෙය එක විෂය ඒකකයක් ලෙස පෙනුන ද මෙය බහු විෂයයික ශික්ෂණයක් තුළින් ගොඩ නැඟුණු ශාස්ත්‍රීය පදනමක් ඇති කාලීන විෂයයකි. පුරාවිද්‍යාව (Archaeology) භෞතික මානව විද්‍යාව :ඡයහිසජ්ක (physical Anthropology) , සංගීතවිද්‍යාව (Musicology) , නාද තාක්ෂණවේදය (Sound Technology) , මානව වංශ සංගීතවිද්‍යාව (Ethnomusicology ) සහ සංගීත තාක්ෂණවේදය (Music Technology) යන විෂයයන් මේ සමඟ එකිනෙක බැඳී ඇති සෙසු විෂයයන් වේ.
01st of january 2020 pahiyangala memories
https://youtu.be/gBLD7AnTmZE
Subscribe to:
Comments (Atom)
පුරාධ්වනිවිද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලාංකේය ප්‍රවේශය කුමක් විය යුතු ද?
පුරාධ්වනිවිද්‍යාව ශ්‍රී ලාංකේය අධ්‍යයන ක්ෂේත්‍රයට ආමුඛ වන නව්‍ය විෂයයක් වූවද ඒ සඳහා අවශ්‍ය ශාස්ත්‍රීය පසුබිම අද්‍යතනයේ ගොඩනැගෙමින් පැවතීම...
-
XVIII සහ XIX සියවස තුළ නිපදවූ බොහෝ උපකරණ කැස්ටල්ගේ කාර්යයන් මත පදනම් වූ බව අප අවධාරණය කළ යුතුව ඇත. නමුත් මෙම අධ් යයනයන් වේගවත් වූයේ විදුල...