Tuesday, November 27, 2012
‘කර්ම’ නොවැටහීම ද මඟහැරිය නොහැකි කර්මයකි.
‘කර්ම’ නොවැටහීමද මඟහැරිය නොහැකි කර්මයකි
යහනේ අනෙක් පස සිටින්නේ අම්මා ය. කෙඳිරිය අම්මාගේ ය. ඒ අම්මාගේ මරණීය කෙඳිරියයි. එසේ නම් නගරයේ නන්නත්තාර බෝඩිං කාමරයේ බිත්තියට එහා පසින් ඇසෙන ශබ්ද මවන රූප සියල්ල පියල් අම්මාගේ අතීත ස්මරණ සහ චර්යා සමඟ මෙනෙහි කොට අත් නො විඳින්නේ ද? නදී ලිංගික සංවාසයෙන් පසු ව මුදා හැරෙන දහඩිය, කුණු, සබන් පෙණ සියල්ල කුණු කාණුව හරස් කොට නිරුවත් පාදයෙන් පියල් ස්පර්ශ කරන්නේ ද අම්මා පිළිබඳ ඉමහත් ආදරයෙනි. කම්පනයෙනි. නදී වමනය දමන විට ඒවා දෝතට ගන්නෙත්, ඇයට මුත්‍ර ගිය විට ඒවා පිරිසුදු කරන්නෙත් පිළිකා රෝගී ශරීරයේ සියලු කැත කුණු අතගාන්නේත් ඇයගේ යට ඇඳුම් සෝදන්නෙත් පියල් ය.
යෞවනයකු යෞවනියකට කරන ගිලානෝපස්ථානයක් වෙනුවට අම්මා බලා කියා ගන්නා පුතෙකුගේ ආදරය එම සංසිද්ධි මාලාවේ ප්‍රකාශමාන චිත්‍රපටියේ පූර්වභාගයේ පියල්ගේ මෙම කාර්යය සඳහා ඔහු වන සූදානම ප්‍රේක්ෂකයාත් නදීත් සියල්ලෝමත් තේරුම් ගන්නේ ලිංගික සහවාසයකට අත වැනීමක් ලෙස ය. නදී නොසඟවා, නො වළහා පියල්ට එය ප්‍රදානය කරයි. නදී සෙවූ යෞවනයා පියල් වෙතින් ඈට මුණගැසේ. එහෙත් පියල් සෙවූ අම්මා නදී වෙතින් පියල්ට මුණගැසුණේ ද චිත්‍රපටයේ ගැටුම හෘද සංවාදයෙන් ඔබ්බට ගොස් බුද්ධි සංවාදයක් වන්නේ එවිටය. එසේ නම් නදී, අමන්දා වෙතින් පියල් අම්මා සොයාගෙන නො යන්නේද ‘ගම්පෙරළිය’ නවකථාවේ තිස්ස කොළඹ නගරයේ දී ගණිකාවක් සොයාගෙන ගොස් ඈ සමඟ ලිංගික ව සම්බන්ධ නො වී පෙරළා හුදකලා නවාතැනට එයි. ඒ ගණිකාව දුටු විට අම්මා සහ අනුලා නමැති අක්කා සිහිවීම නිසායි. එසේ නම් තිස්ස සොයා ගියේ ගණිකා ඇසුර ම ද?
විනාඩි කීපයක අතිශය වෙහෙසකාරී රූපාවලියක් ලෙස පොදු ප්‍රේක්ෂකයා සිතන පියල්ට නො පෙනෙන පියා සමඟ කරන දීර්ඝ දුරකථන සංවාදය චිත්‍රපටය කියවීමට අතිශය වැදගත් රූපාවලියක් හා ශබ්දාවලියක් යැයි සිතමි. එහි දී පියාගේ රූපකාය නො පෙනේ. එහෙත් පියාගේ අණ, විධානය, ආධිපත්‍ය වැටහේ.
සෙමින් ඇවිද ගියත් වේගයෙන් ගියත් මහපොළවට ස්පර්ශ නො වී අනුන්ගේ යතුරු පැදියක ගියත් මහා පොළොවේ පය නො ගසා වහලක් මත දිග ඇදුණත් තාත්තාගේ සෙවණැල්ලෙන් මිදීමට පියල්ට නො හැකි ය. අප සියල්ල අවබෝධ කර ගන්නේ පියල්ගේ මෙම ප්‍රකාශ සහ රංගනය ඔස්සේ පමණි. ආධිපත්‍යධාරී පීඩක පියෙකු පසුබිමේ ඇතිවාට සැක නැත.
දැන් චිත්‍රපටයේ ඉතිරිය කියවන්නේ කෙසේද? නදීගේ හඬ, ඇය ලබන පීඩා ව, ඇයගේ රූපය යනාදී සියල්ල පියල් නදීට සමීප කරවයි. එම සමීප කිරීම නදීකගෙන් අසංතෘප්ත ස්ත්‍රී ශරීරය පියල්ගෙන් සංතෘප්ත කරගැනීමක් ලෙස වටහා ගත්තොත් චිත්‍රපටය සම්බන්ධ ව කියවීම බිඳ වැටෙතැයි සිතමි. නදීත් පියලුත් නදීකත් හඹා යන්නේ අරමුණු තුනකි. ඉලක්ක තුනකි. ප්‍රමෝද තුනකි. මේ ප්‍රමෝදයේ කෙළවර ඛේදවාචකය යි. චිත්‍රපටයේ අවසානයේ ඇසෙන්නේ ද සුරතාන්තයේ සනීපදායක කෙඳිරිල්ලක් නො ව, මරණයේ අති බිහිසුණු කෙඳිරිල්ල යි. “ඇයි මේ චිත්‍රපටය ‘වැඩිහිටියන්ට පමණ යි’ යනුවෙන් ලේබල් කළේ?” යනුවෙන් උසස් පෙළ දරුවන් අසන ප්‍රශ්නය තුළ ඇත්තේ යථාර්ථය තේරුම් ගැනීම යි.
ලංකාවේ කලා මණ්ඩල තුළ ඉන්නා ‘වැඩිහිටි චූටි බබාලාට’ ‘කර්ම’ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයකි. ගැටවර විය ඉක්මවමින් සිටින්නා වූ පරම්පරාවට ‘කර්ම’ නැවත නැවත බැලිය යුතු හොඳ චිත්‍රපටයකි.
‘කර්ම’ චිත්‍රපටයේ පියල් නදීව හඹා යන්නේ ඇයි? දෙදෙනා සම්මුඛ ව සිප වැලඳගෙන ඉනික්බිති ව ක්ෂණික ව වෙන් වී පියල් මහා හයියෙන් විලාප දෙන්නේ ඇයි? ‘ඊඩිපස්’ නාට්‍ය නරඹා ඇත්නම් ‘කර්ම’ චිත්‍රපටයේ පියල්ගේ විලාපයේ අර්ථය තේරුම් ගනු ඇත. කෙතරම් ආකර්ෂණීය වුණත් කෙතරම් ආශක්ත වුවත් මේ ස්ත්‍රිය සමඟ ලිංගික සම්බන්ධතාවකට නො යන මේ පියල් හඬා වැටෙන්නේ ඇයි? ඒ ඔහුගේ මනෝ ලෝකය සොයන අහිමි අම්මා නදී නිසා ය.
ශබ්ද සහ රූප, ‘කර්ම’ චිත්‍රපටයේ අමුණා ඇත්තේ ප්‍රසන්නය. ඒ ප්‍රසන්නගේ වියමනයි. මේ ලිපියෙහි ශබ්ද හා රූප අමුණා ඇත්තේ මා ය. ඒ මගේ කියවීම යි.
මා චිත්‍රපටය නරඹා දෙසතියක් ගත වී ඇත.
මම තවමත් එහි ශබ්ද හා රූප අමුණමින් අර්ථ සොයමින් සිටිමි.
‘කර්ම’ චිත්‍රපටයේ දිග හැරෙන්නේ පහත දැක්වෙන නාමාවලිය සමඟ ය.
තනි බිත්තියකින් වෙන් වූ නවාතැන් දෙකක්...
එක් පසෙක තනිකඩ තරුණයෙක්...
අනෙක් පස වසර ගණනකට පසු හමුවූ පෙම්වතුන් යුවළක්...
පරිච්ඡේද හතර යි. එක් චිත්‍රපටයයි.
ඉව ඇල්ලීම (Gaze)
බිත්තියෙන් එහා ජීවිතවලට එබී බලන තනිකඩයාගේ ජීවිතය
හුස්ම (Breath)
අනෙක් පස පමා වූ යෞවනයේ මඟ හැරුණු බලාපොරොත්තු
දියවීම (Melt)
මේ සියල්ල අතරතුර තනිකඩයා හා බිත්තියෙන් එපිට ගැහැනිය ඔවුනොවුන්ගේ ජීවිත තුළ තමන්ගේ අවකාශය දැකීම.
භාව විරේචනය (Catharsis)
අනුන්ගේ ජීවිත තුළ තමන් සෙවීමට උත්සාහ කළ තිදෙනා එකිනෙකාගේ ජීවිත සියැසින් දැකීම.
මේ ප්‍රහේලිකාසහගත නාමාවලිය ද මම නැවතත් සිහි ගන්වමි. එම නිසා ‘කර්ම’ චිත්‍රපටය තේරුම් ගැනීමට නැවත එම චිත්‍රපටයේ ආරම්භයට යා යුතුය. සාමාන්‍යයෙන් අප දකින චිත්‍රපට එක් වරක් වුවද නරඹා රසවිඳිය හැකි ය. ‘කර්ම’ දෙතුන් වතාවක්වත් නරඹා තේරුම් ගත යුතුය.
මේ චිත්‍රපටයේ මා දකින විශිෂ්ට ම රූපය නදී, අමන්දාගේ ය. ලාංකේය චිත්‍රපට බාහුල්‍යයක දක්නට ලැබුණු ගැමි ප්‍රසන්න සඳ මුහුණ වෙනුවට ඇගේ යුරෝපීය මුහුණුවර නූතන කියවීමට අලුත් සංකේතයකි. ඒ මුහුණු මිචෙල් හර්ෆ්ට්ගේ ය. ඇගේ රංගනය විශිෂ්ට ය. ජගත් මනුවර්ණ නවකයකු නො වේ. ඔහුට හැර කිසිවෙකුට මේ චරිතය රඟපෑ හැකි ද යන තරමට ඔහුගේ රංගධර කාර්යය විශිෂ්ට ය. නදීක ගුරුගේට රඟපාන්නට දෙයක් නැත. චිත්‍රපටයේ නදීකගේ චරිතයට අදාළ වෙස්ගැන්වීම ද කට හඬ ද ඉරියව් ද නදීක සතුව ඇත. රඟපෑවා නම් ස්ථිර වශයෙන් ම නදීක අසාර්ථක ය. නදීක වැනි සංගීතඥයෙකු චිත්‍රපට නළුවෙකු ලෙස ස්ථානගත කිරීම අභියෝගයකි. එය ප්‍රසන්නත් නදීකත් යන දෙදෙනාම ජයගෙන ඇතැයි සිතමි.
’කර්ම’ චිත්‍රපටය බලන්න යනුවෙන් මම ඔබට යෝජනා කරමි. ඒ සමඟ ම මේ චිත්‍රපටය නැරඹීම වෙහෙසකර පීඩාකාරී ක්‍රියාවලියක් බව ද සටහන් කරමි. ප්‍රසන්නගේ මේ අදහස කියන්නට, ප්‍රක්ෂේපණය කරන්නට වෙනත් ක්‍රමවේදයක් නැද්ද? ප්‍රේක්ෂකයා මෙතරම් නො රිද්දා මේ ශල්‍යකර්මය කිරීමට නො තිබුණේ ද? යනුවෙන් කෙනෙක් ප්‍රශ්න කළහොත් මම ඔහුට ද එකඟ වෙමි.
මෙහි මුල් කොටස නොවැම්බර් 11දා පළවිය.
උපුල් ශාන්ත සන්නස්ගල
Saturday, July 28, 2012
හෝඩි පොතේ මනමාලි
කවි කෙතට කැන්දන් එන අලුත් මනාලිය
“ගසකි මම
මේ බලන් පපුවේ බෙනය
ඉස්සර හදවත තිබුණු තැන
ගොදුරු වී කෑරල කොට්ටෝරුවන්ට”
කවියකුගෙන් බලාපොරොත්තු වන්නේ මින් එහාට තවත් කිමෙක් දැ යි ඇතැමකුට සිතෙනු ඇත. ඔහුගේ වස්තු විෂය නැවුම් නොවන්නට පුළුවන. නමුත් ඒ කවිය සම්පූර්ණයෙන් ම නැවුම් ය. ප්‍රතිභාව මෙන් ම සතතාභ්‍යාසයෙන් අමිල ලැබ තිබෙන්නේ සුළුපටු පන්නරයක් නම් නොවේ. නව පරපුරේ කවියෙක් ලෙස අමිල නම් කළ යුතු වුව ද ඔහුගේ ඇති ආගන්තුක බවක් කාටනම් පෙනෙයි ද? වචනයක් වචනයක් පාසා දිවෙන්නේ ඔහු සතු වන පරිණත බව නොවන්නේ ද?
මිනිස් හදවත ස්පර්ශ කරන්නට තේනුවර කවියා දක්වන සමර්ථතාව පෙන්වන කවියක් වශයෙන් “බූරු සෝමෙ අයියාගේ කලාබර ආත්මය” අපට පෙනේ. වස්තු විෂයය නැවුම් ය. සංකල්පය සම්පූර්ණයෙන් ම නැවුම් ය. අප අතර වෙසෙන බූරු සෝමෙ අයියලාගේ අභ්‍යන්තරයට කිඳා බසින්නට කවියා සමත් වෙයි. මහගමසේකරට, රත්න ශ්‍රී විජේසිංහට නොදෙවෙනිව අමිල තේනුවර තබන ශක්තිමත් පියවර පිළිබඳ රසිකයා ආඩම්බර වෙනු නොඅනුමාන ය.
කවිය බිහිවෙන්නේ සමාජයෙන් ම බැව් පසක් කරන්නට කවි ලියන්නකු ලෙස අමිල තේනුවර හැඳින්වීමට හැකි පද්‍ය රැසක් මේ පොත තුළ අන්තර්ගත ය. “ඝණ්ටාර හදන මාමේ” පද්‍ය එවැන්නකි. අමිල නවක පරපුරේ කවියකු බව කියන්නට ද ඒ කවිය ඇතැමකුට උකහා පෙන්විය හැකි ය. ඊට හේතුව ඔහු එයින් මතුකරන සමාජ යථාර්ථය වෙනත් වස්තු විෂයයන් ඔස්සේ අපේ ජ්‍යෙෂ්ඨ කවින් ද විවිධ අවස්ථාවන්හි මතුකර පෙන් වූ බැවිනි. ඔහු සතු වන මානව දයාව සහ සංවේදීතාව මෙවන් කවි රැසකින් අපට මතුකර දක්වන්නට අමිල සමත් වෙයි.
අමිල තේනුවර කවියා සතු වන සංවේදීතාව සෑම විෂය ක්ෂේත්‍රයක් කරා ම පතුරුවන අයුරු රමණිය යි. “බයිසිකල් ආදර කරලිය, කලාව“ ආදි කවි තුළින් තේනුවර මතුකරන ශෘංගාරය විටෙක රසිකයා අමන්දානන්දයට පත් කරයි. ඔහු ඒ සඳහා භාවිත කරන කාව්‍ය භාෂාව කිසිදු කවියකු ඉදිරියේ දෙවැනි වෙයැ යි සිතිය නොහැකි ය. ඒ තරමට ම ඔහු සූක්ෂම වෙයි. සුපරීක්ෂාකාරී වෙයි. තරාතිරමක් නොබලා රස විඳින්නට ඒ කවි පන්ති කිහිපය අපට පාර පෙන්වයි. ශෘංගාරය කවියක හතර මායිමට ළං නොකර ගන්නා අයට එහි ආලෝකය කවියකට ලබාගන්නේ කෙසේ දැ යි කතුවරයා පෙන්වා දෙයි.
හෝඩි පොතේ මනමාලිය තුළින් සමාජය විනිවිදින අමිල, ඇතැම් විට සුලබ වස්තු විෂයයන් දුලබ අත්දැකීම් ඔස්සේ ඉදිරිපත් කරන අයුරු නැවුම් ය. සැබවින් ම ඒවා අලුත දෙවූ කිරි මෙන් නැවුම් ය. කොතලයක තිබු ජලය මෙන් සිසිල් ය. වරෙක එය ම හිත කීකු කීතුවලට ඉරා දමයි. යළිත් සුවපත් කරයි. රසිකයන් වශයෙන් අප අපේක්ෂා කරනුයේ ද එය ම නොවන්නේ ද?
කවියකුගේ පොහොසත්කම ගැන කවි ලියන තේනුවර “ගිණුම් අංකය” කවියෙන් මතුකරන සමාජ හාස්‍ය අපට මෙන් ම රටට ම ඇඟිල්ල දිගු කරයි. කවියාගේ ආර්ථික ඛේදවාචකය එදා පටන් අද දක්වා අඛණ්ඩව ගලා එන්නක් බැව් අපට සිහිපත් කරවයි. යථාර්ථය විනිවිදින්නට යන්නේ යමෙක් ද හේ යථෝක්ත ධර්මයෙහි ගොදුරක් වන බව ඔහු පසක් කර දෙයි. සමස්ත සමාජ අභිවෘද්ධිය උදෙසා පෙනී සිටින්නේ යමෙක් ද ඔහු සමාජය විසින් ම අසරණ කරන අයුරු සිත් සසල කරවමින් ලියන්නට අමිල උත්සාහ ගනී.
අද්‍යතනය සමාජයේ පැන නැඟෙන විවිධාකාර සංස්කෘතීන් ඉදිරියේ මුල් බැස ගත් අපේ සංස්කෘතික හර පද්ධතීන් කෙමෙන් අවරට යන අයුරු මේ කවියා ස්වකීය පද්‍ය කිහිපයකින් ම මතුකර දක්වයි. පොදු රසිකයා වශයෙන් කවියකුගෙන් බලාපොරොත්තු වන සමාජ සුසමාදර්ශයන්ට පාර පෙන්වන්නට අමිල යොදාගන්නේ උපදේශන ශෛලියක් නොවේ. වැදගත් වන්නේ එය යි. එබැවිනි ඔහු කවියකු වන්නේ. යකඩ යකුන් සමඟ ගැටෙන රුපියලේ කාසියට සිදුවන දෙය අද අපේ සමාජයට සිදු වී නොමැත්තේ ද?
“පුන්කලස් - වී කරල්
ඉර හඳ
සිංහ රුව - ධර්ම චක්‍රය
දැන් එහි - ඒ කිසිත් නැත”
අපට සැබෑවට ම සිදුවී තිබෙන්නේ එය ම නොවන්නේ ද? සත්‍යය ඉදිරියේ කිසිවක් තේරුම්ගත නොහැකි පරිද්දෙන් කවි ලියනවාට වඩා නොලියන එක හොඳ යැ යි අමිල රටේ ම කවියන්ට හඬ ගා කියයි.
ශ්‍රී ලාංකේය කවි කෙතට විටින් විට මනාලියන් කැඳවාගෙන ආ බැව් දනිමු. වරෙක කැන්දාගෙන ආ ඇය ගැමි මනාලියක් වූවා ය. ඇය බොළඳ ය. ලජ්ජාශීලී ය. නමුත් නිරහංකාර ය. තවත් වරෙක ගෙනා මනාලිය සංකර ය. ඇගේ ගති පැවතුම්, සිතුවිලි සියල්ල සංකර ය. තවත් වරෙක මනාලියකැ යි සිතා ගෙනාවේ නපුංසකයෙකි. එයින් සිදු වූයේ කවිය දෙස නොබලා හිරිකිතයෙන් අහක බලා ඉන්නට ය. අමිල තේනුවර ගෙනා හෝඩි පොතේ මනාලිය අපේ කවි කෙතට අලුත් ම මනාලියකි. අපි ඒ නැවුම් සුන්දර මනාලිය දෙස බලාපොරොත්තු දල්වාගෙන නෙතු නොපියා බලා සිටින්නෙමු.
ලංකාවේ කවි පොත් බිහිවීම අරුමයක් නොවේ. සතියෙන් සතියට, මාසයෙන් මාසයට කවි පොත් පිටවෙන අයුරු අපි දකිමු. එහෙත් ඒ පොත් ලියු ලේඛකයන්ට කවියන් යැයි කියන්නට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ කිම් ද? සැබෑ කවියෙක් ඒ කෘතීන්ගෙන් එළිපත්තට නොපැමිණෙන බැවිනි. පුවත්පත්වල කවි පිටු පුරා කවි යැයි කියන පදවැල් ලියැවෙනු දකිමු. එහෙත් එබඳු රචනා අතුරින් සැබෑ කවිත්වයක් දැකිය හැක්කේ අහම්බෙනි.
අපි කවියන් ගැන අසා ඇත්තෙමු. කිවියරයන්ගේ කවි රස විඳ ඇත්තෙමු. ප්‍රවීණයන්ගේ රස පදවැල් මුවඟ මුවඟ මුමුණමින් රස බෙදා හදා ගන්නෙමු. වරෙක ඔවුනට පින් දෙන්නෙමු. මහගමසේකරයන්ට, විමලරත්න කුමාරගමයන්ට, රත්න ශ්‍රී විජේසිංහයන්ට එහා යන්නට කවියෙක් බිහි නොවීම ගැන අපි අදටත් ළතැවෙන්නෙමු. නව පරපුරේ කවියේ ඛේදවාචකය යැ යි වරෙක පසු තැවෙන්නෙමු. අපට ම අවමන් කරගන්නෙමු. ඒ අතර ලක්ෂාන්තලාගේ කවියක් දෙකක් එළියට එන විට සතුටෙන් සැනසෙන්නෙමු.
අමිල තේනුවර “තටු බිඳුණු හදවතක්, අත්අකුරු මල්වඩම” ලියමින් රසිකයන්ට දුන් සංග්‍රහයට කෘතඥ වෙමු. ඔහුගේ නවත ම කාව්‍ය සංග්‍රහය එළියට එන්නේ කාලයක් තිස්සේ නියඟයට හසු ව ඉරිතැලී වියළී ගිය කවි වැවෙහි පතුළින් උල්පතක් මතුවන්නා සේ ය. ඒ තරමට ම කවි පිපාසයෙන් හෙම්බත්ව සිටි රසිකයන්ට සිසිල බෙදන්නට හෝඩි පොතේ මනමාලි සමත් බැව් පැවසිය හැකි ය.
අමිල තේනුවර කවියා අනුගාමි කවියකු නොවන බැව් පෙන්වන ඔහුගේ පළමු කවි පොත තටු බිඳුණු හදවතක් පොත යි. සාහිත්‍යවේදියා ආභාසය ලබන ගුරුවරයා, පොත පතෙන් තම නිර්මාණ සඳහා යමක් උකහා ගන්නා බැව් සත්‍යයකි. ඒ එසේ නොවුවහොත් එහි කිසියම් අසාමාන්‍ය දෙයක් තිබෙනු ඇත. එබැවින් ම තේනුවරගේ පළමු කාව්‍ය ග්‍රන්ථයන්හි එවන් ආභාසයන්ගෙන් හැඩවුණු කවි තිබෙනු දුටුවෙමු. නමුත් ඔහුගේ ස්වරයෙන් අපි ඒවා රස වින්දෙමු.
අත්අකුරු මල්වඩමෙන් ඉන් තරමක් ඔබ්බට යමින් තමන්ගේ ස්වාධීනත්වය ඔපමට්ටම් කරගන්නට අමිල සමත් වෙයි. හෝඩි පොතේ මනමාලිය නම් ඔහුගේ ජීවිතයේ සැබෑවෙන් ආභාසය ලබමින් ඔහුගේ ස්වරයෙන් ලියැවුණු ඒවා බවට කිසිදු සැකයක් නැත. එතරම් ම මේ කවි පොතෙන් මතුවන කවියා ස්වාධීන කවිත්වයක් පිළිබිඹු කරයි. ඔහුගේ ස්වාධීනත්වයේ කූටප්‍රාප්තිය හෝඩි පොතේ මනමාලි කාව්‍ය ග්‍රන්ථයෙන් දකිමි.
අමිල ඔහුගේ හොඳම කවි අපට දෙන්නේ “හෝඩි පොතේ මනමාලියගෙනි”, මා එසේ සනිටුහන් කරනුයේ සීමන් හාමි සීයා පද්‍ය පන්තිය කියවීමෙන් අනතුරුව ය. කවියා තමන්ගේම සීයා සිහිනෙන් මුණගැසෙයි. කවියාගේ පරම්පරාවේ වත ගොත ඔහුට සිහිපත් කර දෙන්නේ සීයා යි. සීයාගේ කඳුළින් තමන්ගේ මුදුන් මුල දකින කවියා පිබිදෙයි. ඒ පිබිදීමෙනි කවියා ‘ගසක විමුක්තිය’ කවිය ලියන්නේ.
මේ බලන් පපුවේ බෙනය
ඉස්සර හදවත තිබුණු තැන
ගොදුරු වී කෑරල කොට්ටෝරුවන්ට”
කවියකුගෙන් බලාපොරොත්තු වන්නේ මින් එහාට තවත් කිමෙක් දැ යි ඇතැමකුට සිතෙනු ඇත. ඔහුගේ වස්තු විෂය නැවුම් නොවන්නට පුළුවන. නමුත් ඒ කවිය සම්පූර්ණයෙන් ම නැවුම් ය. ප්‍රතිභාව මෙන් ම සතතාභ්‍යාසයෙන් අමිල ලැබ තිබෙන්නේ සුළුපටු පන්නරයක් නම් නොවේ. නව පරපුරේ කවියෙක් ලෙස අමිල නම් කළ යුතු වුව ද ඔහුගේ ඇති ආගන්තුක බවක් කාටනම් පෙනෙයි ද? වචනයක් වචනයක් පාසා දිවෙන්නේ ඔහු සතු වන පරිණත බව නොවන්නේ ද?
මිනිස් හදවත ස්පර්ශ කරන්නට තේනුවර කවියා දක්වන සමර්ථතාව පෙන්වන කවියක් වශයෙන් “බූරු සෝමෙ අයියාගේ කලාබර ආත්මය” අපට පෙනේ. වස්තු විෂයය නැවුම් ය. සංකල්පය සම්පූර්ණයෙන් ම නැවුම් ය. අප අතර වෙසෙන බූරු සෝමෙ අයියලාගේ අභ්‍යන්තරයට කිඳා බසින්නට කවියා සමත් වෙයි. මහගමසේකරට, රත්න ශ්‍රී විජේසිංහට නොදෙවෙනිව අමිල තේනුවර තබන ශක්තිමත් පියවර පිළිබඳ රසිකයා ආඩම්බර වෙනු නොඅනුමාන ය.
කවිය බිහිවෙන්නේ සමාජයෙන් ම බැව් පසක් කරන්නට කවි ලියන්නකු ලෙස අමිල තේනුවර හැඳින්වීමට හැකි පද්‍ය රැසක් මේ පොත තුළ අන්තර්ගත ය. “ඝණ්ටාර හදන මාමේ” පද්‍ය එවැන්නකි. අමිල නවක පරපුරේ කවියකු බව කියන්නට ද ඒ කවිය ඇතැමකුට උකහා පෙන්විය හැකි ය. ඊට හේතුව ඔහු එයින් මතුකරන සමාජ යථාර්ථය වෙනත් වස්තු විෂයයන් ඔස්සේ අපේ ජ්‍යෙෂ්ඨ කවින් ද විවිධ අවස්ථාවන්හි මතුකර පෙන් වූ බැවිනි. ඔහු සතු වන මානව දයාව සහ සංවේදීතාව මෙවන් කවි රැසකින් අපට මතුකර දක්වන්නට අමිල සමත් වෙයි.
අමිල තේනුවර කවියා සතු වන සංවේදීතාව සෑම විෂය ක්ෂේත්‍රයක් කරා ම පතුරුවන අයුරු රමණිය යි. “බයිසිකල් ආදර කරලිය, කලාව“ ආදි කවි තුළින් තේනුවර මතුකරන ශෘංගාරය විටෙක රසිකයා අමන්දානන්දයට පත් කරයි. ඔහු ඒ සඳහා භාවිත කරන කාව්‍ය භාෂාව කිසිදු කවියකු ඉදිරියේ දෙවැනි වෙයැ යි සිතිය නොහැකි ය. ඒ තරමට ම ඔහු සූක්ෂම වෙයි. සුපරීක්ෂාකාරී වෙයි. තරාතිරමක් නොබලා රස විඳින්නට ඒ කවි පන්ති කිහිපය අපට පාර පෙන්වයි. ශෘංගාරය කවියක හතර මායිමට ළං නොකර ගන්නා අයට එහි ආලෝකය කවියකට ලබාගන්නේ කෙසේ දැ යි කතුවරයා පෙන්වා දෙයි.
හෝඩි පොතේ මනමාලිය තුළින් සමාජය විනිවිදින අමිල, ඇතැම් විට සුලබ වස්තු විෂයයන් දුලබ අත්දැකීම් ඔස්සේ ඉදිරිපත් කරන අයුරු නැවුම් ය. සැබවින් ම ඒවා අලුත දෙවූ කිරි මෙන් නැවුම් ය. කොතලයක තිබු ජලය මෙන් සිසිල් ය. වරෙක එය ම හිත කීකු කීතුවලට ඉරා දමයි. යළිත් සුවපත් කරයි. රසිකයන් වශයෙන් අප අපේක්ෂා කරනුයේ ද එය ම නොවන්නේ ද?
කවියකුගේ පොහොසත්කම ගැන කවි ලියන තේනුවර “ගිණුම් අංකය” කවියෙන් මතුකරන සමාජ හාස්‍ය අපට මෙන් ම රටට ම ඇඟිල්ල දිගු කරයි. කවියාගේ ආර්ථික ඛේදවාචකය එදා පටන් අද දක්වා අඛණ්ඩව ගලා එන්නක් බැව් අපට සිහිපත් කරවයි. යථාර්ථය විනිවිදින්නට යන්නේ යමෙක් ද හේ යථෝක්ත ධර්මයෙහි ගොදුරක් වන බව ඔහු පසක් කර දෙයි. සමස්ත සමාජ අභිවෘද්ධිය උදෙසා පෙනී සිටින්නේ යමෙක් ද ඔහු සමාජය විසින් ම අසරණ කරන අයුරු සිත් සසල කරවමින් ලියන්නට අමිල උත්සාහ ගනී.
අද්‍යතනය සමාජයේ පැන නැඟෙන විවිධාකාර සංස්කෘතීන් ඉදිරියේ මුල් බැස ගත් අපේ සංස්කෘතික හර පද්ධතීන් කෙමෙන් අවරට යන අයුරු මේ කවියා ස්වකීය පද්‍ය කිහිපයකින් ම මතුකර දක්වයි. පොදු රසිකයා වශයෙන් කවියකුගෙන් බලාපොරොත්තු වන සමාජ සුසමාදර්ශයන්ට පාර පෙන්වන්නට අමිල යොදාගන්නේ උපදේශන ශෛලියක් නොවේ. වැදගත් වන්නේ එය යි. එබැවිනි ඔහු කවියකු වන්නේ. යකඩ යකුන් සමඟ ගැටෙන රුපියලේ කාසියට සිදුවන දෙය අද අපේ සමාජයට සිදු වී නොමැත්තේ ද?
“පුන්කලස් - වී කරල්
ඉර හඳ
සිංහ රුව - ධර්ම චක්‍රය
දැන් එහි - ඒ කිසිත් නැත”
අපට සැබෑවට ම සිදුවී තිබෙන්නේ එය ම නොවන්නේ ද? සත්‍යය ඉදිරියේ කිසිවක් තේරුම්ගත නොහැකි පරිද්දෙන් කවි ලියනවාට වඩා නොලියන එක හොඳ යැ යි අමිල රටේ ම කවියන්ට හඬ ගා කියයි.
ශ්‍රී ලාංකේය කවි කෙතට විටින් විට මනාලියන් කැඳවාගෙන ආ බැව් දනිමු. වරෙක කැන්දාගෙන ආ ඇය ගැමි මනාලියක් වූවා ය. ඇය බොළඳ ය. ලජ්ජාශීලී ය. නමුත් නිරහංකාර ය. තවත් වරෙක ගෙනා මනාලිය සංකර ය. ඇගේ ගති පැවතුම්, සිතුවිලි සියල්ල සංකර ය. තවත් වරෙක මනාලියකැ යි සිතා ගෙනාවේ නපුංසකයෙකි. එයින් සිදු වූයේ කවිය දෙස නොබලා හිරිකිතයෙන් අහක බලා ඉන්නට ය. අමිල තේනුවර ගෙනා හෝඩි පොතේ මනාලිය අපේ කවි කෙතට අලුත් ම මනාලියකි. අපි ඒ නැවුම් සුන්දර මනාලිය දෙස බලාපොරොත්තු දල්වාගෙන නෙතු නොපියා බලා සිටින්නෙමු.
Subscribe to:
Comments (Atom)
පුරාධ්වනිවිද්‍යාව හැදෑරීම සඳහා ශ්‍රී ලාංකේය ප්‍රවේශය කුමක් විය යුතු ද?
පුරාධ්වනිවිද්‍යාව ශ්‍රී ලාංකේය අධ්‍යයන ක්ෂේත්‍රයට ආමුඛ වන නව්‍ය විෂයයක් වූවද ඒ සඳහා අවශ්‍ය ශාස්ත්‍රීය පසුබිම අද්‍යතනයේ ගොඩනැගෙමින් පැවතීම...
-
XVIII සහ XIX සියවස තුළ නිපදවූ බොහෝ උපකරණ කැස්ටල්ගේ කාර්යයන් මත පදනම් වූ බව අප අවධාරණය කළ යුතුව ඇත. නමුත් මෙම අධ් යයනයන් වේගවත් වූයේ විදුල...